Wednesday, November 20, 2013

සිරිපාල






ඇම්ඩා සහ බස් ඩ්‍රයිවර්....



මල්ලිගෙ පණිවිඩේ...


අන්තර් ජාලයෙන් මුදල් හොයන ක්‍රම....

ඔයාලත් කැමති ඇති නේද නිකම් ඉන්න ගමන් අතට කීයක් හරි හොයගන්න විදියක් තියෙනවනම්.මෙන්න යාලුවනේ ඒකට මගෙන් පුන්චි උදව්වක්.මෙතන තියෙන්නෙ හරියට e money කරන්නෙ කොහොමද කියල තියෙන article එකක්.සමහර අයනම් දන්නවත් ඇති.දැනගන්න ඕන අය කියවලාම බලන්නකො.මම හිතනව මේක වැදගත් වෙයි කියලා.මේ ලින්ක් එකෙන් යන්න          HTTP://j.gs/5396416/e-money
ඔයාට මේකෙන් වැදගත් දෙයක් දැනගන්න පුලුවන් උනානම් තරහා නැතුව කොමන්ටුවකුත් දාලම යන්න.
ජය ශ්‍රී.......

Tuesday, November 19, 2013

බලලම හිනාවෙන්න

සේවා කාලය
මෛත්‍රිපාල සේවය කළේ ආණ්ඩුවේ කන්තෝරුවක ය. කාර්යාල කාර්ය සහායකයකු ලෙස සේවය කළ ඔහු එම කාර්යාලයේ පුරප්පාඩු වූ තනතුරක් සඳහා අයදුම්පතක් පුරවා තම ප්‍රධානියා වෙත ගොස් ඔහුට දෝතින් එය පිළිගැන්වීය.
ප්‍රධානියා එය කියවා බලා මුහුණේ ප්‍රශ්නාර්ථයක් නංවා ගෙන මෛත්‍රිපාල ඇමතීය.
“මෛත්‍රිපාල තමුසේ මේ ඔෆිස් එකට ඇවිත් තාම අවුරුදු දහයයි. මේ ඉල්ලුම් පත්තරේ සේවා කාලය අවුරුදු දොළහයි කියල ලියලා තියෙන්නේ මොකද?”
මෛත්‍රිපාල බයාදු ලෙස සිනාසී, තම කැඩුණු දත ලොක්කාට පෙන්වමින් මෙසේ පිළිතුරු දුන්නේ ය.
“ඇයි සර්, අවුරුදු දහයක් තිස්සේ මම ඕවර් ටයිම් කරපුවා.”



අනේ මට නං බෑ
ප්‍රේමපාල, මැටිල්ඩා සමඟ මල්වත්තට ගියේ එක් එක් අයගේ විමසුම් ඇස් වලින් බේරී තම පෙම්වතිය සමඟ නිදහසේ පෙම් සුව විඳිනු රිසියෙනි.
ඔවුහු රුක් ගොමුවක් මැද තනා තිබූ බංකුවක් මත වාඩි වූහ. එහි හිඳ වට පිට බැලූ ප්‍රේමපාල ඉදිරිපස මහා ගසෙක, පහළ අත්තක වාඩි වී පෙම් කෙළින වඳුරු ජෝඩුවකි.
වඳුරු ජෝඩුව වෙත රැඳුණු ඇස් වහා තමාට තුරුළු වී සිටි මැටිල්ඩා වෙත යොමු කළ ප්‍රේමපාල ඇයගේ නිකටින් අල්ලා මුහුණ තමා දෙසට හරවා ගනිමින් මෙසේ කීවේය.
“මැටිල්ඩා, අපි දෙන්නත් අන්න අර වඳුරු ජෝඩුව වගෙ ආදරෙන් තුරුල්වෙලා හැමදාම ඉමු රත්තරන්.”
මැටිල්ඩා ප්‍රේමපාල වෙතින් මඳක් බැහැරව මුහුණ ඇඹුල් කර ගනිමින් මෙසේ පිළිතුරු දුන්නා ය.
“අනේ ප්‍රේමපාල, මම නං ගස් නඟින්ඩ දන්නේ නෑ.



බල්ලා බැඳල ?
එක් ගෙදරක බල්ලකු යාබද නිවසේ බැල්ලියක සමඟ හාද ව සිටියේ ය. දිනක් තම නිවසේ වැට අද්දරට ගොස් බල්ලා සමඟ සංවාදයක යෙදුණු බැල්ලිය මෙසේ කීවාය.
“බලන්ඩකො අනේ, මේ ගෙදරට එන හැමෝම මුලින් ම අහන්නේ මං මැරි කරලද කියලනෙ.”
“මොනවා මිනිස්සුන්ට මොකටද අපේ වගක්? ඔය ඇත්තම ද?” බල්ලා කෝපයට පත්ව මහ හඬින් බිරුවේය.
“මං මොකටද බොරු කියන්නේ. මෙහාට එන හැමෝම ගේට්ටුව ළඟ ඉඳන් හයියෙන් අහනව ‘බල්ලා බැඳලද’ කියල.” බැල්ලිය පිළිතුරු දුන්නා ය.




තනිකරම කොට්න් ?
ප්‍රේමසිරි හවස රාජකාරි අවසන් කර නිවෙස බලා යමින් සිටියදී කමිස තොගයක් පදික වේදිකාවේ දමා ගෙන හඬ නඟමින් ඒවා විකුණන වෙළෙන්දකු දැක මඳකට නතර විය.
“තනි කොට්න් - එකක් දෙසීයයි. ලාභායි...” යනුවෙන් හඬ නඟමින් කමිස විකුණන වෙළෙන්දා වටා තරමක සෙනඟක් ද රැස් වී සිටිනු පෙනිණ. සෙනඟ මැදින් කමිස වෙළෙන්දාට කිට්ටු වූ ප්‍රේමසිරි කමිසයක් අතට ගෙන හොඳින් පිරික්සා බලා වෙළෙන්දා ගෙන් මෙසේ විමසීය.
“මේ කමිසෙ තනිකරම කොට්න් ද?”
වෙළෙන්දා ප්‍රේමසිරි දෙස බලා අවඥාවෙන් කට ඇද කළේය. අනතුරුව මෙසේ පිළිතුරු දුන්නේ ය.
“චිහ්... අපි එහෙම බොරු කියල, බඩු විකුණන්නේ නෑ සර්. මේකෙ බොත්තං නං ප්ලාස්ටික්...”





මළේ කවුද?
ගමේ රාලහාමි රාජකාරියක් සඳහා ගම මැදින් යමින් සිටියදී දන්නා හඳුනන මහලු ගැමියකු අතරමඟකදී හමු විණ. ගැමියා පාරේ පසෙකට වෙමින් බයාදු ලෙස රාලහාමි සමඟ සිනාසුණේ ය.
“ඈ බං සියදෝරිස්... බෑරක් ද මේ උදේ ම?” රාලහාමි මඳකට නැවතී ගැමියා විමසීය.
“මම මේ අපේ පුතාලගෙ දිහා යනවා රාලහාමි. ඒක නෙමෙයි පහුගිය දවසක මළයි කිව්වේ රාලහාමි ද, එහෙම නැත්තං රාලහාමිගෙ මල්ලි ද?” ගැමියා බැරෑරුම් ප්‍රශ්නයක් නැඟීය.
රාලහාමි උඩ බලාගෙන මොහොතක් කල්පනා කළේය. අනතුරුව ගැමියා දෙස බලා මෙසේ කීවේය.
“ම්...ම්, මල්ලි නං මට ඊයේ හවසත් හම්බ වුණා. එහෙම නං මං වෙන්ඩ ඇති.”